Pages

Pages

News

Sunday, April 2, 2023

හිසවෙස් පැළඳවීම සහ ශීර්ෂාභරණ පැළඳවීමේ මංගල්‍යය

         
            හොරණ කලාප අධ්‍යාපන කාර්යාලයේ  නර්තන අංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ  මල්ලිකා කුලසුරිය මහත්මිය ඇතුළු ගුරුභවතුන්ගේ පුහුණු කිරීම මත   ප්‍රදේශයේ  පාසල්  සිසු සිසුවියන්  60 දෙනෙක් ගේ හිසවෙස් පැළඳීම සහ ශීර්ෂාභරණ පැළඳවීමේ  මංගල්‍යය   කලාප අධ්‍යාපන කාර්යාලයේ එළිමහන් රංග ශාලාවේදී අද  පැවැත්වුණි...

           බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන මහත්මාගේ ප්‍රධානත්වයෙන් පැවැති  මෙම  උත්සවය සඳහා හොරණ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලාලින්ද ජාසිංහ මහතා,, නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා තිළිණි විමලසිරි මහත්මිය ඇතුළු හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක මහත්මීන් රැසක් ද,   වර්තමාන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, ගුරු උපදේශකවරුන් ,විදුහල්පතිවරුන් ,ගුරුභවතුන් ඇතුළු අධ්‍යාපන අංශයේ නිලධාරීන් රැසක් ද,හොරණ නගර සභාවේ ලේකම් නෙලු නිශාන්ති මහත්මිය ද,  අනෙකුත් ආරාධිතයන් ,දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ...

 








0 comments:

Post a Comment